තරඟ පවාදීම පිළිබඳ පරීක්ෂණ වාර්තාව ලබන සෙනසුරාදා

Tuesday, 12 September 2017 - 14:05

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F
2016 වසරේ  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරන ලද පළමු පෙළ ප්‍රිමියර් ක්‍රිකට්‌ තරගයකදී සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව ලබන සෙනසුරාදා (16) වැනිදා ක්‍රිකට්‌ ප්‍රධානීන් සිටින කළමනාකරණ කමිටුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උප සභාපති කේ.මතිවානන් හිරු වෙත ප්‍රකාශ කළා.

දේශීය ක්‍රිකට් භාරව ද කටයුතු කරන නිලධාරියා වන කේ.මතිවානන් කියා සිටියේ වාර්තාව ගැන එදින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

2016 වසරේ පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර පී.සී.සී. කණ්‌ඩායම අතර පැවැති තරගයේ දී මෙසේ තරග පාවා දීමක් සිදු වුවා යයි චෝදනා එල්ල වුනා.

වාර්තාව එදින සාකච්ඡා කර විධායක කමිටුවට භාර දීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තරග පාවාදීමේ සිද්ධිය ගැන සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව ඉතා ඉක්මනින් නිකුත් කරන බව මිට පෙර සඳහන් වුනා.

එහෙත් මාස හයක පමණ කාලයක්‌ අදාළ වාර්තාවේ තොරතුරු එළියට දැමීම ප්‍රමාද වී තිබෙනවා.

මේ තත්වය මත එය තවත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.