%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B7%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%84%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 13 September 2017 - 7:45
ක්‍රිකට් පිටිය රත්කරමින් තිසර ආපු ගමන් පිට පිට පිටිය වටේට ගහපු හැටි මෙන්න
290

Shares
34,872

Views
ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 තරඟාවලියේ පළමු තරඟය ලකුණු 20 කින් ජයගැනීමට පකිථානය සමත් වූවා.

තරඟය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී 7 ට පමණ ආරම්භ වූයේ පකිස්ථාන ක්‍රිකට් පිටියට වසර 8 කට පසුව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් උණුසුම ගෙනදෙමින්.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් රැසකරගත්තා.

ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එක්ව සිටි තිසර පෙරේරා එහිදී කඩුලු 2 ක් දවාගත්තා.

Babar Azam සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 86 ක් රැස්කරගත්තා.

ඒ පන්දු 52 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමඟින් කලකට පසු පකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට තම මවුබිමේදී නැවත ක්‍රිකට් සැණකෙළියක් මවා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට පකිස්තාන පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නෑ.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Shadab Khan, Rumman Raees, Sohail Khan කඩුලු 2 ක බැගින් දවාගත්තා.

අවසානයේ පිටියට පැමිණි ප්‍රවේගකාරී පිතිකරු තිසර වේගයෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කලද අවාසනාවන්ත ලෙස දැවී යාමකට ලක්වුවා.

ඒ DJG Sammy දෙවන ලකුණක් සඳහා පැති මාරුකරගැනීමට දිව ආ මුත් ඔවුන් අතර මනා සන්නිවේදනයක් නොතිබීමෙන් තිසර දුවද්දී දැවී යාමකට හසුවූවා.

කෙසේ වෙතත් පිටියට පැමිණි විගස තම සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණ රටාවට පිවිසි තිසර පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ ඔහු ලකුණු පුවරුවට පිට පිට හතරේ පහර 3 ක් එල්ලකිරීමත් සමඟයි.

එම අවස්ථාව ඇතුළු ලෝක ක්‍රිකට් කණ්ඩායම පන්දුවට පහරදුන් අවස්ථාවේ විශේෂ අවස්ථා පහතින්.



තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE