%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 13 September 2017 - 9:23
ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්න
15,998

Views
ඇමෙරිකාව සහ කැනඩාව අතර පැවති එක්දින ක්‍රිකට් තරඟයකට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පිළිබඳව මේ වනවිට සැමගේ අවධානය යොමුව තිබෙනවා.

ඔහු රෝයි සිල්වා.

මාදම්පාගම අඳුරන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයෙන් ක්‍රිකට් පිටියට එක්වූ ක්‍රිකට් තරුවක් වන රෝයි මේ දිනවල කැනඩාවේ පැවැත්වෙන Auty Cup තරඟාවලියට එක්වන්නේ ඇමෙරිකාව නියෝජනය කරමින්.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කැනඩා කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගන්නේ ලකුණු 141 ක් පමණයි.

ඔවුන්ගේ ඉනිම වැනසූ මෙම ශ්‍රී ලාංකික සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා කඩුලු 4 ක් දවාගන්නේ පිතිකරුවන් එකපෙළට නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින්.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇමෙරිකානු කණ්ඩායම මුල්පෙළ ඇද වැටෙද්දී නැවතත් ක්‍රියාත්මක වන රෝයි සිල්වා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට සමත් වනවා.

ඔහු නොදැවී ලකුණු 38 ක් රැස්කරගන්නේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින්.

එම තරගයෙන් අනතුරුව තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ රෝයි.



තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE