%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 13 September 2017 - 12:19
පකිස්ථානය සමඟ තරඟ කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලැබෙන සුපිරි මුදල මෙන්න
12,171

Views
පාකිස්තානයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රැගෙන එමින් ජගත් ක්‍රිකට් කණ්ඩායම එරට තරංග සංචාරයකට එක්වූවා.

එහි පළමු තරඟය ඊයේ පව්ත්වුණු අතර එහි ජයග්‍රහණය හිමිවූයේ පකිස්තානයටයි.

හෂීම් අම්ලා, ඩේවිඞ් මිලර්, ජෝර්ජ් බේලි, ඩැරන් සැමී සහ බෙන් කටින් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සමන්විත ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා ද ඇතුළත්.

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක Andy Flower මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා.

ඔවුන් මෙම සංචාරයේදී පාකිස්තාන පිළ සමඟ තවත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 2කට සහභාගි වීමට නියමිතයි.

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරඟාවලිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක් වෙන්කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර මෙම තරඟ සංචාරයට එක්වන ලෝක ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට ඩොලර් 100000ක් ගෙවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හටද ඩොලර් 100000ක් ගෙවනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

World XI:

Faf du Plessis (captain),
Hashim Amla,
George Bailey,
Paul Collingwood,
Ben Cutting,
Grant Elliott,
Tamim Iqbal,
David Miller,
Morne Morkel,
Tim Paine,
Thisara Perera,
Darren Sammy,


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE