%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Friday, 15 September 2017 - 19:29
ග්‍රැහැම් ලැබ්රෝයි තේරීම් කමිටු සභාපති ධුරයට
371

Shares
44,557

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්රෝයි පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේබව ප්‍රකාශ කළේ.

ග්‍රැහැම් ලැබ්රෝයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 9 කට සහ එක්දින තරග 44 කට ක්‍රීඩා කර තිබෙනවා.

ඒ 1986 වසරේ සිට 1992 දක්වා වු කාල සීමාව තුලදීයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් ලැබු 50 වන සාමාජිකයා වුයේ ද ඔහුයි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙසට ද කටයුතු කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE