%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+21%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 September 2017 - 15:38
එංගලන්තය පරදා කොදෙව්වන්ට ලකුණ 21ක ජයක්
279

Shares
33,590

Views
එංගලන්තය සමඟ ඊයේ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ආරාධනා කළා.

ඔවුන් සිය පන්දුවාර 20 තුලදී කඩුලු 9 ක් දැවී ලකුණු 176 ක් රැස් කළා. එවින් ලූවිස් එහිදී පන්දු 28 කදී ලකුණු 51 ක් රැස් කළ අතර, කාලයකට පසු කොදෙව් කණ්ඩායමට කැඳවු ක්‍රිස් ගේල් ප්‍රවේගකාරී පිති හරඹයක් දියත් කරමින් පන්දු 21 කදී ලකුණු 40 ක් ලබා ගත්තේ 6 පහර 04 ක් සමගින්.

පිළිතුරු වශයෙන් එංගලන්තයට පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි.

විලියම්ස් සහ බ්‍රැත්වයිට් කඩුලු 03 බැගින් බිද හෙලූ අතර සිය පන්දුවාර 4 තුළදී ලකුණු 15 කට කඩුලු 2 ක් බිද හෙලූ සුනිල් නරීන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එක්දින තරගාවලිය ලබන අගහරුවාදා ආරම්භ වනවා.

කොදෙව් පිලට ශ්‍රී ලංකාව අභිබවා 2019 ලෝක කුසලාන තරගාවලිය සදහා ස්වයංක්‍රීය වරම් ලැබීමට තරග 05 කින් යුත් එම තරගාවලිය 05ට බිංදුවක් ලෙස ජයග්‍රහණය කළ යුතු වනවා.

ක්‍රිස් ගේල්ගේ ඉනිම පහතින්..

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE