කකුල තැන් දෙකකින් කැඩුණු රෝසි නැවතත් ධාවන පථයට

Tuesday, 19 September 2017 - 12:44

%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7
සිය දකුණු පාදය ස්ථාන දෙකකින් කැඩී ගිය සුපිරි යතුරුපැදි ධාවක වැලන්ටිනෝ රෝසි දින 18ක් ඇතුළත නැවතත් ජාත්‍යන්තර යතුරුපැදි ධාවන පථයට පිවිස තිබෙනවා.

අවස්ථා 09කදී ලෝක ශුරතා මෝටෝ ජීපී ශූරතාවලිය ජය ගෙන ඇති ඉතාලියේ වැලන්ටිනෝ රෝසි පුහුණුව්ම් අතර තුර මෙම අනතුරට මුහුණ පෑවා.

පසුගිය අගෝස්තු 31දා සිදුවූ අනතුරෙන් පසුව දින 18ක් වැනි කෙටි කාලයක් තුල නැවතත් ධාවන පථයට පිවිසීමට රෝසි සමත්ව තිබිම සම්බන්ධයෙන් ඔහුට ආදරය කරන ක්‍රීඩා ලෝලෝන් සතුට පල කරනවා.

කෙසේ වෙතත් ක්‍රීඩා ලෝලීන් සහ තරඟකරුවන්  මවිත කරමින් වැලන්ටිනෝ රෝසි ස්පාඤ්ඤයේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරඟයට පිවිසීමට නියමුත අතර  හෙට මේ සම්බන්ධයෙන්  අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු පාදය ස්ථාන දෙකකින් කැඩීම හේතුවෙන්  ශල්‍ය කර්මයකටද භාජනය වූ රෝසි ඉතාලියේ මාකෝ සිමොන්සලී ධාවන පථයේදී පුහුණුවීම් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.