නව තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

Tuesday, 19 September 2017 - 15:57

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් අනුමත කර තිබෙනවා.

අද දහවල් අමාත්‍යවරයා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි / ගාමිණී වික්‍රමසිංහ / ජෙරි වව්ටර්ස් / සජිත් ප්‍රනාන්දු සහ අසංක ගුරුසිංහ තේරීම්  කමිටුවේ සාමාජිකයන් වනවා.

ලබන සතියේ ආරම්භ වන පකිස්ථාන ටෙස්ට් තරග සංචාරයට සංචිතය නම් කරමින් නව තේරීම් කමිටුව සිය කටයතු ආරම්භ කරනු ඇති.

එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි පැවැත්වෙන්නේ.

මෙම සංචාරය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඉරිදා පිටත්ව යාමට නියමිතයි.

එහිදී පකිස්ථානය සමග ටෙස්ට් තරග 2 ක් / එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 3 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.