එක්දින ශ්‍රේණිගත කිරීම්වල වෙනසක්

Monday, 25 September 2017 - 7:28

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය හිමි කර ගැනීමත් සමග එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්වී තිබෙනවා.

ඒ තරග 48 කින් ප්‍රසාද ලකුණු 120ක් ලබා ගනිමින්.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියේ තවත් තරග 2 ක් පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවති තරග 3 න්ම ඉන්දියාව ජයග්‍රහණය කළා.

තරග 50 කින් ලකුණු 119 ක් ලැබු දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

ඉන්දියාව හමුවේ පරාජයට පත්වු ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

එංගලන්තය හතරවන ස්ථානයට පත්වී ඇති අතර නවසීලන්තය 5 වන ස්ථානයේ පසුවනවා.

6 / 7 සහ 8 ස්ථාන පිළිවෙලින් පකිස්ථානය / බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයට පත්වී ඇති අතර 10 වන ස්ථානේය පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි.

\"\"