සංගක්කාර අවසන් පළමු පෙළ තරඟයට

Tuesday, 26 September 2017 - 16:31

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සරේ කණ්ඩායම නියෝජනය කරමින් සිය අවසන් පළමු පෙළ තරඟය සඳහා ඊයේ (25) ක්‍රීඩා කිරීම ආරම්භ කළා.

ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව පවත්වන තරඟයේදී තරගයේදී පළමු ඉනිමේදී කුමාර් සංගක්කාර ලකුණු 14ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට ෂකිබ් මොහොමඩ් සමත් වුණා.

මෙම තරඟයෙන් පසුව පළමු පෙළ තරගවලින්ද විශ්‍රාම ගැනීමට සැරසෙන කුමාර් සංගක්කාර පළමු පෙළ සිවුදින තරඟාවලියේ අවසන් වූ තරඟ කිහිපය තුල දී
ශතක 08ක් රැස් කිරීමට සමත්වූ අතර  එයට ද්විත්ව ශතකයක්ද  ඇතුළත්.

සිය අවසන් තරඟයට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර  ලකුණු 14කට දැවී ගොස් පිටියෙන් ඉවත්වන අවස්ථාවේ ලැන්කෂයර් ක්‍රීඩකයන් ඔහුට ගෞරවය දැක්වීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

මේ අතර එංගලන්ත පළමු පෙළ සරේ කණ්ඩායම වෙනුවෙන් වසර 03ක කාලයකට එක්ව දක්ෂතා දැක්වූ සංගක්කාරට එම කණ්ඩායම විසින් යාවජීව සාමාජිකත්වය පිරිනමා තිබෙනවා.

මේ සඳහා පැවතී උත්සවයට එක්වූ කුමාර් සංගක්කාර කෙටි දේශනයක් කරමින් පවසා ඇත්තේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පළමු පෙළ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට ගත් තීරණය පිළිබඳව මහේල ජයවර්ධන සමඟ සාකච්ඡා කළ විට මහේල ජයවර්ධන \"ඔබට පිස්සුද?\"  යනුවෙන් ප්‍රශ්න කළ බවයි.

තමන් පළමු පෙළ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට ගත් තීරණය තම ජීවිතයේ ගත් හොඳම තීරණයක් බවට සංගක්කාර වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

ලැන්කෂයර් ක්‍රීඩකයන් සංගක්කාරට සිය සුභ පැතුම් එක්කරන අයුරු පහතින්...