ජාතික මහා ක්‍රීඩා උළෙලේ පහන ඉදිකළ සමාගමට මුදල් නොගෙවීම තීරණයක්

Tuesday, 26 September 2017 - 21:56

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිසි ප්‍රමිතියකින් ඉදිකිරීම් කටයුතු සිදු නොකිරීම නිසා මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ පහන ඉදිකළ සමාගමට ගෙවිය යුතු මුදල් නොගෙවා සිටීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා උලෙළේ සමාරම්භක උළෙලේ පහන දැල්වීමට දකුණු පළාතේ සුජිත් රෝහිත සහ ධම්මිකා මැණිගේ මිටර් 20 ක පමණ උස අට්ටාලයකට නැග උත්සාහ කළද එය සාර්ථක වුණේ නැහැ.

පසුව අදාළ කොන්ත්‍රාත් සමාගමේ කම්කරුවෙකු අට්ටාලයට නැග පහන දැල්වීමට පියවර ගත්තේ මෙලෙසින්.

කෙසේ නමුත් මෙවර ක්‍රීඩා උළෙලේ පහන ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 14 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණා.