%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 16:11
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරාධනා කරයි
6,580

Views
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු එක්දින තරගය අද ඩුබායිහිදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කර ඇත්තේ.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට  නියමිතයි.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායක උපුල් තරංග / නිරෝෂන් දික්වැල්ල / කුසල් මෙන්ඩිස් / ලහිරු තිරිමාන්න / දිනේශ් චන්දිමාල් / මිලින්ද සිරිවර්ධන / තිසර පෙරේරා / සුරංග ලක්මාල් / ජෙෆ්රි වැන්ඩසේ / අකිල ධනංජය සහ ලහිරු ගමගේ එක්වනවා.

අද තරගයේ පකිස්ථාන කණ්ඩායමට අහමඩ් ශේෂාද් / ෆකාර් සමාන් / බාබර් අසාම් / ශොයිබ් මලික් / මොහොමඩ් හෆීස් / සෆ්රාස් අහමඩ් / ඉමාඩ් වසීම් / රුමන් රායිස් / ශඩාබ් ඛාන් / හසන් අලි සහ ජුනයිඩ් ඛාන් ඇතුලත්.

තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරග 148 කින් 85 ක් පකිස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 58 ක්. දෙරට අතර පැවති 20 යි 20 තරග 15 කින් 10 ක් පකිස්ථානය ජයගෙන තිබෙනවා.

මේ අතර නියමිත වේලාවට පන්දුවාර 50 යැවීමට සිය පන්දු යවන්නන් මෙහෙයවීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවතාවක් දඬුවම් ලබා සිටින එක් දින නායක උපුල් තරංග අද (13) තරගයට මුහුණ දෙන්නේ අවදානමක් සහිතවයි.

ඔහු මෙම තරගයේ දී ප්‍රවේශම් විය යුත්තේ නැවත එම වරද වුවහොත් මාස 8ක තරග තහනමකට ලක්වීමට ඔහුට අවදානමක් ඇති නිසයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙසේ තහනමක් පැනවීමට ඉඩ තිබෙනවා.

මීට පෙර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී සහ පසුගිය ඉන්දියානු තරගාවලියේ දී මෙම දඬුවමට ලක් වීමට ඔහුට සිදු වුනා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE