%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+293+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 13 October 2017 - 20:08
ශ්‍රී ලංකාවට 293 ක ඉලක්කයක්
4,409

Views
පකිස්ථානය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 293 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 292 ක් රැස්කළා.

බාබර් අසාම් ලකුණු 103 ක් ලබාගත්තා.

මෙය ඔහුගේ 6 වන එක්දින ශතකයයි.

ශොයිබ් මලික් 81 ක් සහ ෆක්හාර් සමාන් ලකුණු 43 බැගින් රැස් කළා.

අහමඩ් ශේෂාඩ් කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනේ ලහිරු ගමගේ යැවු පන්දුවකට අකිල ධනංජය අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

මොහොමඩ් හෆීස් 32 යි. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE