%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+83+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 14 October 2017 - 0:58
පළමු එක්දින තරගයෙන් පකිස්ථානයට ලකුණු 83 ක ජයක්
5,845

Views
ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 83 ක ජයක් ලබාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්වුනා.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 292 ක් රැස් කලා.

බාබර් අසාම් ලකුණු 103 ක් ලබාගත්තා.

මෙය ඔහුගේ 6 වන එක්දින ශතකයයි.

ශොයිබ් මලික් 81 ක් සහ ෆක්හාර් සමාන් ලකුණු 43 ක් රැස් කළා.

අහමඩ් ශේෂාඩ් කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනේ ලහිරු ගමගේ යැවු පන්දුවකට අකිල ධනංජය අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

මොහොමඩ් හෆීස් 32 යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 209 ක් පමණයි.

ලහිරු තිරිමාන්න ලකුණු 53 ක් සහ අකිල ධනංජය නොදැවී ලකුණු 50 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී රූමන් රායිස් සහ හසන් අලි කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ලබන සඳුදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE