තරග පරාජය ගැන උපුල් තරංග කතා කරයි

Tuesday, 17 October 2017 - 15:51

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පකිස්ථානයට එරෙහි තරගයේදී තම කණ්ඩායමේ පන්දු යවන්නන් තම වගකීම නිසි ලෙස ඉටු කළ බව ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසනවා.

ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අබුඩාබි ශෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ තණතිල්ල ඉතා රලු එකක් වු බවයි.

කෙසේවෙතත් අඛණ්ඩව කඩුල්ලේ රැඳී සිටීමට හැකිවුයේ නම් එය ඉතා හොඳ තත්වයක් බවයි උපුල් තරංග පෙන්වා දෙන්නේ.

ලහිරු තිරිමාන්නගේ දැවී යාම තම පරාජයට තීරණාත්මකව බලපෑමක් එල්ල කළ බව ද ශ්‍රී ලංකා නායකයා කියාසිටියා.

පන්දු යවන්නන්ගේ කාර්ය භාර්යය හොඳින් ඉටුවු අතර අකිල ධනංජය මෙන්ම ජෙෆ්රි  වැන්ඩසේ එහිදී හොඳින් දක්ෂතා දැක්වු බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් පරාජයට පත්වීම තුලින් බලාපොරොත්තු සුන්වීමට ලක්වු බවයි උපුල් තරංග කියාසිටියේ.

පිළිතුරු ඉනිමේ දී ජෙෆ්රි වැන්ඩසේගේ පිතිකරණය ද ශ්‍රී ලංකා නායකයාගේ ඇගයීමට ලක්වුනා.

කඩුලු 7 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටින විට ජයග්‍රාහී ඉලක්කය තීරණාත්මක අභියෝගයක් වු බව ද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළා.

ඊයේ දිනයේදී තම පිතිකරණය පිළිබඳ සෑහීමකට පත්විය හැකි වුව ද තරගයේ ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වු බව ද උපුල් තරංග කියාසිටියා.

මේ අතර පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ද ප්‍රකාශකර ඇත්තේ ඊයේ තණතිල්ලේ ක්‍රීඩා කිරීම අසීරු වු බවයි.

එය පිතිකරණයේදී වඩාත් කැපී පෙනුනු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ක්‍රමක්‍රමයෙන් එහි පිතිකරණය අපහසු වන බැවින් තමන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බවයි පකිස්ථාන නායකයා කියාසිටියේ.

එමෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීම තුලින් ඔවුන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ද සෆ්රාස් අහමඩ් කියාසිටියා.

ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් පකිස්ථානයට ලකුණු 32 ක ජයක් හිමිවු අතර පළමු තරගයෙන් ඔවුන්ට ලකුණු 83 ක ජයක් හිමිවුනා.

මේ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට ඔවුන් ඉදිරියෙන් පසුවනවා.

දෙරට අතර තුන්වන එක්දින තරගය හෙට අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි.