ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින තරගය ජය ගැනීමට පකිස්ථානයට ලකුණු 174 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
සාජාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුම කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර අද එක්දින වරම් ලැබු සධීර සමරවික්‍රම ද ඊට අයත්.
නායක උපුල් තරංග සහ තිසර පෙරේරා එලෙස දැවී යාමට ලක්වු අනෙක් දෙදෙනායි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 22 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් ලබාදුන් ලහිරු තිරිමාන්න ලකුණු 62 යි.
පන්දු 94 කින් ලබාගත් එම ලකුණු 62 ට හතරේ පහර 4 ක් ද ඇතුලත්.
මෙය ඔහුගේ 20 වන එක්දින අර්ධ ශතකයයි.
පන්දු යැවීමේදී හසන් අලි කඩුලු 3 ක් බිඳහෙලු අතර ඉමාඩ් වසීම් සහ ශදාබ් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
පකිස්ථාන පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3 ට බින්දුවක් ලෙස පකිස්ථානය ජයග්‍රහණය කර අවසන්.