ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජීවිත රැකගත් වීරයා වසර 08කට පසු රහසක් හෙළිකරයි

Saturday, 21 October 2017 - 12:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+08%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ සිදුකිරීමට නියමිත පන්දුවාර 20 තරඟ සංචාරයත් සමඟ 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්ථානයේ ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ ජීවිත ආරක්ෂා කරගනිමින් බස් රථය ධාවනය කළ රියදුරා පිළිබඳව නැවතත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මුහම්ම්ද් ඛලිල් නම් මෙම රියදුරා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පාකිස්තානයේ තරඟ සංචාරයක් පැමිණීම සම්බන්ධයෙන් ගත් නිර්භීත තීරණය පිළිබඳව තම ප්‍රසංශාව පලකරන බවයි.

“බලන්න ඔවුන් මොන තරම් නිර්භීත ජාතියක්ද කියලා. මෙම සිදුවීම වුණේ ඔවුන්ට. එහෙත් ඔවුන් නැවතත් පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කරන්න සූදානම්. හැම පාකිස්තානුවෙක්ම ඔවුන්ට ගෞරව කළ යුතුයි. අපි ඔවුන්ව ඉහළින්ම පිළිගන්නවා”

“එදා සංගක්කාර මගෙන් ඇහුවා ‘මුහම්මඩ් මහත්මයා අපි පාකිස්තානයේදී ආරක්ෂිතද? කියලා. මම ඔහුට පැවසුවේ මුකුත් වෙන්නේ නැහැ. කිසියම් දෙයක් සිදුවුනොත් මම වගේ දහස් ගණනක් පාකිස්ථානු වැසියන් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැප කරාවි කියලයි.” යනුවෙන් මුහම්ම්ද් රහසක් ලෙස තබාගෙන සිටි එම මතකයන් ප්‍රථම වරට මාධ්‍ය වෙත පවසා තිබෙනෙවා.

2009 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අයුරු...