%E0%B7%83%E0%B6%BA%E0%B7%93%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%A2%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 7:47
සයීඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
5,395

Views
පාකිස්ථානයෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවනෙකු වන සයීඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

පාකිස්ථානයේ පැවැත්වෙන ජාතික විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව ඔහු ක්‍රිකට් පිටියට සමුදෙන බවයි පවසා ඇත්තේ.

සයීඩ් අජ්මාල් 2008 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ප්‍රථම වරට ජාත්‍යන්තර එක්දින තරඟ බිමට පිවිසියා.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී  පැවති ටෙස්ට් තරඟය ඔහුගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයයි.

පන්දු යැවීමේ ඉරියව්වේ පැවති දෝෂයක් හේතුවෙන් 2015 වසරේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර 20 තරඟයෙන් පසු පකිස්ථාන ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුවුණා.

මේ වන විට 40 වන වියේ පසුවන සයීඩ් අජ්මාල්  ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 35කදී කඩුලු 178ක්, එක්දින තරඟ 113කදී එක්දින කඩුලු 184ක් සහ ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරඟ 64කදී කඩුලු 85ක් දවාගෙන තිබෙනවා.

සයීඩ් අජ්මාල්ගේ සුපිරි දඟ පන්දු යැවීම..



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE