%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 12:26
ඉන්දියාව එරෙහි ටෙස්ට් තරඟාවලියේ දී මැතිව්ස්ට පන්දුව අහිමි වෙයි
2,848

Views
පාදයේ ඇතිව තිබූ අබාධය සුවවීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟාවලිය තුලදී පිතිකරුවකු ලෙස පමණක් යොදා ගැනීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසන්නේ ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට එක්වී සිටින්නේ පිතිකරුවකු ලෙස පමණක් බවයි.

පාදයේ ආබාධයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරඟ සංචාරය මැතිව්ස්ට අහිමිවී ගියා.

රුමේෂ් රත්නායක වැඩිදුරටත් පවසන්නේ ඉන්දීය ටෙස්ට් තරඟමාලාවේ දී තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, ධනංජය ද සිල්වා, මැතිව්ස්ගේ පන්දු යැවීමේ කාර්ය භාරය ඉටු කරනු ඇතැයි බවයි.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාවේදී ටෙස්ට් තරඟාවලියක් සඳහා සහභාගී වී ඇත්තේ 2009 වසරේදීයි.

එම තරඟ සංචාරය සඳහා එක්වූ එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් යන ක්‍රීඩකයින් දෙදෙනා මෙවර තරඟාවලියට පිටත්ව ගිය සංවිතයේ සිටිනවා.

2009 වසරේ පැවති ටෙස්ට් තරඟාවලියේ එක් තරඟයක් ජය පරාජයෙන් අවසන් වූ අතර ඉතිරි තරඟ 02ක ජයගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම විසින්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE