%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 15:04
සංචිතයට නම් නොකිරීමට හේතුව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හෙළි කරයි
2,658

Views
ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉන්දීය සංචිතයෙන් තමා ඉවත් කිරීමට හේතුව පිළිබඳ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා මාධ්‍ය වෙත පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙකෙන් හර්ඩික් පාන්ඩ්යා ඉවත් කරන බවයි.

ඔහුගේ ආබාධ තත්වය මෙතෙක් සුව අතට පත්නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් ප්‍රකාශකර තිබුනේ.

කණ්ඩායමේ ක්‍රීඩකයන් අඛණ්ඩවම ආබාධවලට ලක්වීම වලක්වා ගැනීම එහි අරමුණ බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

ටෙස්ට් සංචිතයට නම් නොකිරීම පිළිබඳ අදහස් දක්වමින් හර්ඩික් පාන්ඩ්යා සඳහන් කර ඇත්තේ තමා මෙතෙක් යහපත් ශාරීරික යෝග්‍යතාවකට පත් නොවීම හේතුවෙන් විවේක ගන්නා ලෙසට ක්‍රිකට් බලධාරීන් තමන්ට දැනුම්දුන් බවයි.

පුර්ණ සුවය ලැබීමෙන් පසු සියයට සියයක් ක්‍රීඩාවට කැපවන බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මේ අවස්ථාවේදී තමා සිටින තත්වය මත එවැනි කැපවීමක් කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට නොහැකි බවයි හර්ඩික් පාන්ඩ්යා සඳහන් කර ඇත්තේ.

තම පළමු ටෙස්ට් තරග සංචාරයේදීම ශතකයක් රැස් කළ තුන් ඉරියව් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියේදී තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තා.

එය නවකයෙකුට අසීරු කරුණක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE