%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 17:47
ඇරඹෙන ටෙස්ට් තරගාවලියේ ජය පරාජය ගැන මුරලිගෙන් අනාවැකියක්
7,584

Views
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට පවතින අවස්ථා අවම බව සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ ඉන්දියාව තුලදී සංචාරක ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය ටෙස්ට් තරග 17 ක් ජය ගැනීමට සමත්වී නොමැති බවයි.

මෙම තරග සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රකාශකර ඇත්තේ ඉන්දියාවට එරෙහි මෙම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණක් බවයි.

සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් ඉන්දියාව පරාජයට පත් කිරීමට දැඩි උත්සාහයන් දරා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගතවු වසර 13 ක කාලය තුල ඉන්දියාව තුලදී සංචාරක ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කර ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණයි.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ඉන්දියාව පරාජය කිරීම තරමක් අසීරු වනු ඇතැයි ද මුරලිදරන් සඳහන් කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලීමට ඉන්දියාවට එරෙහි තරගාවලිය තුලින් හැකිවනු ඇතැයි ද සුපිරි පන්දු යවන්නා පෙන්වාදී තිබෙනවා.

2010 වසරේදී ක්‍රිකට් දිවියෙන් සමුගත් මුත්තයියා මුරලිදරන් 1994 සහ 2009 අතර කාලසීමාව තුලදී ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරග 4 කට ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේවෙතත් ඉන් එකක් හෝ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැහැ.

එමෙන්ම මුරලිදරන් පෙන්වා දෙන්නේ ගතවු වසර 22 ක කාලය තුල ඉන්දියාවට ද ශ්‍රී ලංකාව තුලදී කිසිදු ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට නොහැකි වී ඇති බවයි.

එය ආඩම්බරයක් බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE