ඉන්දු ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයත් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමේ

Friday, 17 November 2017 - 15:02

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නතර කර තිබෙනවා.

මේවන විට කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ තණතිල්ල සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

තරගයේ පළමු දිනය වු ඊයේ දිනය ආරම්භයට ද වර්ෂාවෙන් බාධා එල්ලවු අතර නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට ද සිදුවුනා.

ඒ හේතුවෙන් අද දිනයේ තරගය ආරම්භ කෙරුනේ නියමිත වේලාවට පෙරයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ තරගය නතර කර වේලාවටත් පෙර අද තරගය නතර කිරීමටයි සිදුවී ඇත්තේ.

පෙරවරු 11 ට පමණ වර්ෂාවෙන් බාධා එල්ලවු තරගය යළිත් ආරම්භ කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

අද තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටිනවා.

නායක විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

ශිකර් ධවාන් ලකුණු 8 යි. අජින්කෙයා රහනේ සහ රවිචන්ද‍්‍රන් අශ්වින් ලකුණු 4 බැගින් ලබාගත්තා.

චිතේශ්වර් පුජාරා ලකුණු 47 ක් සහ විරිද්මන් සහා ලකුණු 6 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 5 කට කඩුලු 3 ක් බිඳහෙලුවා.

ඒ නිලකුණු පන්දුවාර 7 ක් ද යවමින්.

එය ලෝක වාර්තාවකට ද හිමිකම් කියු අතර ටෙස්ට් තරගයක පළමු ලකුණ ලබාදීමට පෙර වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවීම එම වාර්තාවයි.

සුරංග ලක්මාල් යැවු නිලකුණු පන්දු සංඛ්‍යාව 46 ක්.