ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේදී ඉතිහාස ගතවූ චන්දිමාල්

Friday, 17 November 2017 - 15:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ ආරම්භ වුණේ කොල්කටා නුවර ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදීයි.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්තරඟය ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට තරඟ විනිසුරුවන්ට සිදුවුණා.

එහිදී තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට හැකිවූ අතර ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

දිනේෂ් චන්දිමාල්ගේ එම තීරණයත් සමඟ ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සිටියේ 1969න් පසු ඊඩ්න්ගාඩ්න් පිටියේ පැවති ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ දෙවන අවසථාව මෙය බවයි.

ඒ අනුව ඊඩ්න්ගාඩ්න් පිටියේ පැවති ටෙස්ට් තරඟයකදී කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ දෙවන නායකයා බවට දිනේෂ් චන්දිමාල් ඉතිහාස ගතවනවා.

ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවන්ට හිතකර තණතිල්ලක් ලෙසයි සැළකෙන අතර මෙම තරඟය සඳහා සකසා ඇති තණතිල්ල වේග පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් බවටයි වාර්තා වන්නේ.