%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+2009+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+ICC%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 20 November 2017 - 13:08
ඉන්දීය සුපිරි පිතිකරුවා 2009 දී පිහිටවූ වාර්තාව ICCය යළි සිහිපත් කරයි
2,534

Views
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2009 වසරේ අහමදාබාද් නුවර පැවති පළමු ටෙස්ට් තරඟයේ දී මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොදැක්වූ දස්කමක් දැක්වීමට ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවකු සමත් වුනා.

එය සිහිපත් කිරීමට අද (20) ජගත් ක්‍රිකට් කවුන්සිලය ද කටයුතු කර තිබුනේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

2009 වසරේ නොවැම්බර් 20 වන දා, අද වන දිනක මෙම දස්කම දැක්වීම ඊට හේතුවයි.

මෙම සුවිශේෂී ක්‍රීඩකයා මෙම දස්කම දැක්වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වූ චානක වෙලගෙදරට ස්ක්වෙයාර් ලෙග් හරහා පහරක් එල්ල කරමින් ඉනිමේ සිය 35වන ලකුණ ලබා ගනිමින්.

ඒ අනුව ඔහු අන්තර්ජාතික පිටියේ රැස් කළ ලකුණු 30000, සම්පුර්ණ කිරීමට සමත් වුනා.

මෙම පිතිකරු කිසිවෙකුත් නොව එතෙක් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්.

එම ලකුණත් සමඟ ඔහු ටෙස්ට් පිටියේ රැස්කළ 12812 වන ලකුණ වාර්තා කළ අතර ඒ වනවිට ඔහු එක්දින ලකුණු 17188ක් ලබාගෙන සිටියා.

මේ වනවිටත්  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස් ද ක්‍රීඩා කළ මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ජගත් ක්‍රිකට් කවුන්සිලය ට්විටර් ගිණුමේ තැබූ සටහන පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE