චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකරයි

Friday, 24 November 2017 - 14:36

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය නාග්පූර් හිදී අද ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

අද තරඟය සඳහා මොහොමඩ් ෂමී, ෂිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් ඉන්දීය පිලට එක් නොවන අතර, ඒ වෙනුවට ඉෂාන්ට් ෂර්මා, මුරලි විජේ සහ රොහිත් ෂර්මා එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකර නැහැ.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු තුන්දහසේ සීමාව පසුකර යමින් සුවිශේෂී කඩයිමක් පසුකර යාමට සමත්වීම විශේෂත්වයක්.

දිනේෂ් චන්දිමාල් අද සහභාගී වන්නේ සිය 43වන ජාත්‍යන්තර ටෙස්ට් තරඟයටයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය 14වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්.

සවස තේ පානය සඳහා තරඟය නතර කරන විට කඩුලු 04ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 151ක්.