%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 05 December 2017 - 16:12
බටහිර ඉන්දීය කොදෙව් නායකයාට තරග තහනමක්
2,883

Views
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ට එක් ටෙස්ට් තරගයක සහ තරග මුදලින් සියයට 60 ක දඩයක් පනවා තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද නවසීලන්තයට එරෙහි තරගාවලියේ තරග මුදලින් සියයට 30 ක දඩයක් පැනවීමටයි තරග තීරකයන් නියෝග කර ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම කොදෙව් කණ්ඩායමට එරෙහි චෝදනාවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පකිස්ථාන කණ්ඩායම සමග පැවති තරගයකදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ද ජේසන් හෝල්ඩර් වරදකරු බවට පත්වුනා.

වසරක කාලයක් තුල කොදෙව් නායකයාට මෙම චෝදනාව එල්ලවු දෙවන අවස්ථාව මෙයයි.

ඒ අනුවයි ඔහුට එක් ටෙස්ට් තරගයක තහනමක් පැනවුනේ.

කොදෙව්වන් නියමිත කාලය අවසානයට පෙර පන්දුවාර 3 ක් යැවීමට අපොහොසත්වී තිබුනා.

ඒ අනුව එක් පන්දුවාරයකට සියයට 10 බැගින් වන පරිදියි කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් සියයට 30 ක දඩයක් පැනවෙන්නේ.

කණ්ඩායම් නායකයාට එම දඩුවම දෙගුණයක් වනවා.

මෙම තරග තහනම හේතුවෙන් ජේසන් හෝල්ඩර්ට නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එම තරගය ලබන 9 වනදා හැමිල්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයෙන් නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 67 ක ජයක් හිමිවුනා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE