%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+31%2F3
Tuesday, 05 December 2017 - 19:47
ශ්‍රී ලංකාව 31/3
1

Shares
219

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි. අද තරගය නිමාවනවිට දෙවන ඉනිම සඳහා ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා  පළමු ඉනිම ලකුණු 373 කට සීමා වූ අතර, ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 536ක්.

ඉන්දියාව කඩුලූ 5 කට ලකුණු 246 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අද අත්හිටවනු ලැබුවා.  

මේ අතර අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්වීමට ගොස් යළි කැඳවූ එක්දින සංචිතයේ ක්‍රීඩකයින් 9 දෙනාට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අනුමැතිය ලබාදී තිබෙනවා.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයක් ක්‍රිකට් ආයතනය ඊයේ ප්‍රකාශයට පත් කළා.

එම සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන ඉවත් කර තිබූ අතර අසේල ගුණරත්න, සචිත් පතිරණ, ධනුෂ්ක ගුණතිලක සහ චතුරංගද සිල්වා ඊට එක්කර තිබුණා.

ක්‍රීඩකයන් 9 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම නිසා ආපසු හැරී ගොස් ඇති බවයි වාර්තා වූයේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE