%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 06 December 2017 - 11:23
ශ්වසන අපහසුතාවයකට ලක්වීමෙන් චන්දිමාල්ට ඔක්සිජන් දෙයි
4,063

Views
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ක්‍රීඩාංගනය අවට පවතින අයහපත් වායු තත්වය හේතුවෙන් බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මෙලෙස ඊයේ දිනයේ නායක දිනේෂ් චන්දිමාල්ට ඔක්සිජන් ලබදීමෙන් අනතුරුව තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධවලට ලක්වුනා.

ඊයේ(05) දිනයේ සුරංග ලක්‌මාල් වේගපන්දු යැවීම පසෙකලා ක්‍රීඩාපිටියේ වමනය කිරීම ඇස ගැටුන ද වගකිවයුත්තන් එය නොදැක්කා සේ ක්‍රීඩකයන්ව වායූ දුෂණයට තල්ලු කර තිබූ අයුරු දක්නට ලැබුනා.

සුරංග ලක්‌මාල් හා ධනංජය සිල්වා ක්‍රීඩාංගණය තුළ වමනය කරන අයුරු තරග තීරක ඩේවිඩ් බූන් සියැසින්ම දුටු බව ශ්‍රී ලංකා පුහුණුකරු නික්‌ පෝතාස්‌ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

මේ අතර දිල්ලි හි නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවන අමුතුම තොරතුරක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ සුරංග ලක්මාල් වමනය කර අපහසුතාවයට පත්වීමට හේතුව ලෙස තරඟය තුළ අඩි 2700ක් ක්‍රීඩාංගනයේදී දිවගොස් ඇති බවයි.

ඒ අනුව ඔවුන් සුරංග විසින් සිදුකළ හුස්ම ගැනීම සමාන කර ඇත්තේ දුමවැටි 36 ක් එකදිගට පානය කිරීමෙන් පුද්ගලයෙකුට ඇතිවිය හැකි සංකුලතාවයක් ලෙසයි.

දිල්ලියේ වායු දූෂණය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති අන්දම පිළිබඳ ඉන්දීය මාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම තත්වය නිසා ඉතා දැඩි අපහසුතාවට පත් වුයේ ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බව දැන් ලොවට ම නොරහසක්.

ඉන්දීය ක්‍රීඩකයන් හෝ බලධාරීන් කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය ශ්‍රීලංකා ක්‍රීඩකයන් මුහුණ දී ඇති මෙම තත්වය ගැන සිය කනගාටුව පළකර තිබුනා.

ශීත කාලගුණයත් සමඟ දිල්ලියේ වායු දූෂණය අධික බව දැනසිටියා නම් මේ ටෙස්‌ට්‌ තරගය දිල්ලි අගනුවරට ගෙනාවේ කවුදැයි එන්. ඩී. ටී. වී. රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු එම රූපවාහිනියේ වැඩසටහනකදී ඉන්දීය ක්‍රිකට්‌ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි බවද වාර්තා වුනා.

ඉන්දීය වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ දිල්ලිය ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීමට නුසුදුසු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත වායු මට්‌ටමට වඩා දහඅට ගුණයක්‌ දූෂිත වායු මට්‌ටමක්‌ ෆෙරෝෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ තිබෙන බවද ඔවුන් පවසා තිබෙනවා.

දිල්ලිය ලොව වායූ දුෂණය අතින් දෙවැනි වන්නේ චීනයේ බිජිං නුවරට පමණයි.

මෙතරම් වායූ දුෂණයක් පවතිද්දී දින 5ක් එක දිගට එළිමහනේ ක්‍රීඩා කිරීමට සිදුවීම ත්‍රස්ත තර්ජනයටත් එහාගිය තර්ජනයක් බව ඇතැමුන්ගේ අදහසයි.

ඇතැමුන් ප්‍රශ්න කරන්නේ දහස්‌ ගණනක සොල්දාදුවන් යොදා ආරක්‍ෂාව තරකර දිල්ලියේ ෆෙරෝෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ ටෙස්‌ට්‌ තරගයක්‌ පැවැත්වීමට හැකි වුවද මේ වායු දූෂණය නිසා ඇතිවන පීඩාව මගහරින්නේ කෙසේද යන්නයි.

ඉන්දියාවෙන් ක්‍රීඩාවට එල්ල වී ඇති මෙම තර්ජනය ගැන හිටපු ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබෙනවා.

"අපේ නායකයන් චිත්‍රපටයක්‌ ගැන වාද කරනවා මිස මේ වායු දූෂණය වැනි ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැහැ"

ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුනා.

හිටපු පකිස්‌තාන ක්‍රිකට්‌ නායක ඉම්රාන් ඛාන් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුනේ මේ තත්ත්වය ගැන පාකිස්‌තාන බලධාරීන් ද අවධානය යොමුකළ යුතු බවයි.

පකිස්‌තානයේ නගර බොහොමයක ද වායු දූෂණය උග්‍රව ඇති නිසා ඔහු එවැන්නක් ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැකියි.

කෙසේවෙතත් වායු දූෂණය ප්‍රබල වුවද ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම මුව ආවරණ පැළඳීම ප්‍රතික්‍ෂේප කර තිබුනා.

ඒ, රටේ ගෞරවය රැකගැනීමටදැයි අප දන්නේ නැහැ.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE