%E0%B6%B0%E0%B6%B1%E0%B6%82%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 06 December 2017 - 14:47
ධනංජය ද සිල්වා ආබාධයකට ලක්වෙයි
2,188

Views
ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා දෙවන ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් ලබාදුන් ධනංජය ද සිල්වා පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් කෙරුනා.

සිය 3 වන ටෙස්ට් ශතකය ලබාගත් ඔහු පිටියෙන් ඉවත්වන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 119 ක්.

ඔහුගේ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට ද හැකියාවක් ලැබී තිබෙනවා.

මෙම ඉනිම වාර්තා අතරට එක් වන්නේ විදේශයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් වසර දහයකට පසුව හතරවන ඉනිමකදී ලබාගත් පළමු ශතකය ලෙසටයි.

මීට පෙර මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර විසින් Hobart හිදී 2007 වසරේ ලකුණු 192 රැස්කරමින්.

සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 5 ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 248 ක්.

රොෂේන් සිල්වා ලකුණු 41 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 26 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE