%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Thursday, 07 December 2017 - 7:43
ක්‍රිකට් ආයතනය ගැන දැඩි තීන්දුවකට ක්‍රීඩා ඇමති සැරසේ
3,257

Views
පරිපාලන කටයුතු නිවැරදිව සිදුකරගෙන යාමට ඇතැම් නිලධාරීන් සහයෝගය ලබානොදෙන්නේ නම් ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද ප්‍රකාශ කළා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ක්‍රීඩා සංගම්වල නිලවරණවලදී පක්ෂග්‍රාහීව ඡන්දය ලබාගැනීම සඳහා ඇතැම් නායකයන් සහ නිලධාරීන් ඔවුන්ගේ අණසකට යටත්වී ඇති බවයි.

ඒ තත්වය වෙනස් විය යුතු බව ප්‍රකාශ කළ ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ නිලවරණවලදී යොදාගන්නා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමටද කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේද යන්න සාකච්ඡා කරන බවයි.

අමාත්‍ය දයාසිරි ජයසේකර

මේ ක්‍රීඩා සමාජ වලට නතු වෙලා ඉන්නේ මේ සියලු දෙනා. ක්‍රීඩා සමාජ වල ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙලට බය වෙලා ඉන්නවා සමහර නායකයෝ. මේ අර්බුධය විසඳා ගන්න පොඩි කාලයක් මට යයි. අනිවාර්යයෙන් එකට අවශ්‍ය තීන්දු තීරණ ටික ගන්නවා, එහෙම බැරි වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවලා හරි මම ඒ තීන්දුව ගන්නා බවට බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඊළඟට මම අත ගහන්න හදන්නේ ක්‍රිකට් එකේ තියන ඡන්ද ක්‍රමය අපි අඩු කරනවා 75 කට විතර අඩු කරන්න පුළුවන් වෙයි ඔය 140 ගණන් තියන එක. ක්‍රීඩා සමාජ තමන්ගේ බලය ක්‍රිකට් ආයතනය වෙත යොමු කරලා, කරන්න දෙන්නේ නැතුව හිර කරලා තියෙන්නේ. ඉතින් එතනින් මේක ගලවන්න ඕනේ. එකට මම අත ගහලා මම කරනවා.. කවුරු මෙතන සභාපති හිටියත්. මට මේක කරන්න බැරි උනොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE