%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-++%E0%B6%85%E0%B7%83%E0%B6%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
Thursday, 07 December 2017 - 12:56
නවදිල්ලි නුවරට බලපෑ භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හානියක් නෑ - අසංක ගුරුසිංහ
4,579

Views
ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පයනය සිදුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අවසන් වී නවදිල්ලි නුවර රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ සිදුවූ එම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුවී නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ.

ඉන්දීය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන ධර්මශාලා වෙත පිටත් වූ බවයි අසංක ගුරුසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය ලබන ඉරිදා (10) පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරඟ 13 සහ 17 යන දිනවලදී මොහාලි සහ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා.

ඊයේ රාත්‍රී 8.49ට පමණ සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙසට සටහන් වී තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE