%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 07 December 2017 - 19:23
මුඛ වාඩම් බැන්ද තරගය ගැන ඉන්දීය වෛද්‍ය සංගමය ඉන්දියාවටම දොස් කියයි
2

Shares
330

Views
ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරගය නවදිල්ලි නුවර පැවැත්වීම පිළිබද ඉන්දීය වෛද්‍ය සංගමය නොසතුට පළ කර තිබෙනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය කේ.කේ. අගර්වාල් ඉන්දීය ක්‍රිකට් වැඩබලන සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ වායු දූෂණ මිනුම් මට්ටම ඒකක 300 ට වඩා වැඩි අවස්ථාවලදී ක්‍රීඩා කිරීම සුදුසු බවට එහිදී වැරදි පූර්වාදර්ශයක් රටට සපයා ඇති බවයි.

තරගයේ දෙවන දිනය තුළ දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම ඒකක 300 ඉක්මවා තිබූ අතර, එය සැලකෙන්නේ යහපත් ශරීර සෞඛ්‍යයේ නියුතු පුද්ගලයින් පවා එළිමහන් ක්‍රියාකාරකම්වල නොයෙදිය යුතු තත්ත්වයක් ලෙසයි.

කෙසේ වෙතත්, එදින තරගය නොකඩවා පවත්වාගෙන යා යුතු බවට විනිසුරුවන් තීරණය කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දූෂිත වාතය ආඝ්‍රහනය කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE