ශ්‍රී ලංකා පිල ගත් තීරණය

Sunday, 10 December 2017 - 11:27

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී  ලංකා පිල පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරඟය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ  ධර්මශාලා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

මේ වසරේදී එක්දින තරගාවලි 3 කින් පූර්ණ පරාජයන් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අවසන් වරට ඉන්දියාවේදී එක්දින ජයග්‍රහණයක් හිමිකර ගත්තේ 2011 ලෝක කුසලාන තරගාවලියේදියි.

එමෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාවේදී ඉන්දීය පිල පරාජය කිරීමට සමත්වූයේ 2009 වසරේදියි.

කෙසේ නමුත් ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්නගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා පිලට එක්දින තරගාවලියේදී විශේෂ යමක් සිදුකිරීමට හැකිවනු ඇතැයි එක්දින පිලේ නායක තිසර පෙරේරා සඳහන් කළා.

විරාත් කෝලි විවේක ගැන්වීම නිසා ඉන්දීය පිල මෙහෙයවන්නේ රෝහිත් ෂර්මා විසින්.