එළඹෙන, ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට එන අලුත්ම නායකයා

Monday, 11 December 2017 - 10:39

%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
ලබන වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය මුලික කරගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස ෂකීබ් අල් හසන් පත්කර තිබෙනවා.

ඒ අනුව ෂකීබ් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

මොහොමඩ් මහමුදුල්ලා උපනායකයා ලෙස නම් කර තිබෙනවා.

මීට පෙර එම කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් කටයුතු කළා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟාවලිය තුලදී  මුෂ්ෆිකර් රහීම්ට පිතිරුවෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ පිතිකරණ අංශය පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමට අවසථාව ලබාදීම සඳහා ඔහුට පැවරී තිබු නායකත්ව වගකීම ෂකීබ් අල් හසන්ට පැවරූ බවයි එරට ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

පසුගියදා දකුණු අප්‍රිකාව සමඟ නිමාවූ තරඟාවලිය තුල බංග්ලාදේශ කණ්ඩායට එතරම දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වුණා.

ෂකීබ් අල් හසන් මිට පෙරද බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට්, එක්දින කණ්ඩායම් වල නායකයා ලෙස කටයුතු කළා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ  චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව එක් වන පළමු තරඟාවලිය වන්නේද  බංගලාදේශය සමඟින් පැවැත්වෙන මෙම තරඟාවලියයි.