සුරංග ලක්මාල් මුහුණ දුන් අනපේක්ෂිත දේ

Monday, 11 December 2017 - 11:53

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%9A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (10) පැවති පළමු එක්දින තරඟයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් නැවතත් අසනීප වී ඇති බව වාර්තා වෙනවා.

ඉන්දීය කණ්ඩායම් සමඟ දිල්ලි නුවර පැවති  තුන්වන ටෙස්ට් තරඟය අතරතුර දිල්ලියේ වායු දුෂණය හේතුවෙන්  සුරංග ලක්මාල් පළමුවමෙලෙස රෝගී වුණා.

ඊයේ පෙරවරුව වන විටත් සුරංග සම්පුර්ණ සුවය ලබා නොසිටියද එය ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී තරඟයක් වීම හේතුවෙන් එම තරඟයට ක්‍රීඩා කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

තරඟයට ක්‍රීඩා කිරීමට විශ්වාසයක් පවතිනවා නම් පමණක් ක්‍රීඩා කරන ලෙසටද සුරංග ලක්මාල්ගෙන් සෙසු ක්‍රීඩකයින් ඉල්ලීමක්ද කර ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඊයේ පැවති තරඟයේදී සුරංග ඔහුට යැවීමට තිබු පන්දුවාර 10ම ක්‍රියාත්මක කළ අතර එහිදී ඔහු ඉන්දීය ක්‍රීඩකයින් 04 දෙනෙකු දවා ගත්තේ  ලකුණු 13ක් පමණක් ලබා දෙමින්.

සුරංග ලක්මාල්ගේ මෙම පන්දු යැවීම එක්දින තරඟයක් තුල ඔහු වාර්තාකළ හොඳම පන්දු යැවීම වන අතර තරඟයේ වීරයා සම්මානයද ඔහු විසින් හිමිකර ගත්තා.

rnrnrn\r\n