පොතාස් 2ක් හෙළි කරයි

Monday, 11 December 2017 - 14:08

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති පළමු එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට මුලික වූ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් හෙළිකර සිටියා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

නික් පොතාස් පවසන්නේ තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා පිළ එම තරඟය ජයගැනීමට ප්‍රධානතම සාදකය වූ බවයි.

මීට අමතව බුම්රා විසින් යැවූ නිපන්දුවද තරඟයේ ජයග්‍රහණයට හේතු වූ බව පොතාස් වැඩිදුරටත් පවසනවා.

උපුල් තරංග ලකුණු 11 ලබා ගෙන සිටියදී බුම්රා විසින් යැවූ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව දිනේෂ් කර්තික් විසින් රැකගත්තද පසුව තෙවන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් බවට සංඥා කරනවා.

එම අවසථාවෙන් ප්‍රයෝජන ගත් තරංග ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණයට මාවත සකසනු ලබන්නේ ලකුණු 49ක් වාර්තා කරමින්.

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේ වන විට හොඳින් සකස්වී ඇති බවත් නව පුහුණුකරුට කණ්ඩායම භාරදිය හැකි බවත් නික් පෝතාස් එහිදී පවසා සිටියා.

අන්ජලෝ මැතිව්ස්ට නැවත පන්දු යැවීමට හැකිවීමත් සමඟ කණ්ඩායමට එක්වූ ශක්තිය සහ සුරංග ලක්මාල්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම පිළිබඳවද ඔහු මෙහිදී  වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

දෙරට අතර ඊයේ පැවති තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 07කින්.