40 සීමාවට හරස් වූ ක්‍රීඩකයා

Tuesday, 12 December 2017 - 9:56

40+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
ඉන්දීය කණ්ඩායම සිය රටේදී පැවති එක්දින තරඟයකදී අඩුම ලකුණු ගණනකට දවා ගැනීමට තිබූ අවස්ථාව එක්තරා ක්‍රීඩකයෙකු විසින් වැළක්වූ බව තරඟයට පසු, සුරංග ලක්මාල් හෙළිකර තිබෙනවා.

මෙම ක්‍රීඩකයා මීට පෙරත් මෙවැනි දේ කර ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

එක්දින තරඟ 300කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති මෙම ක්‍රීඩකයා මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරඟයකදී කළ දෙයක් පිළිබඳව ද ලක්මාල් හෙළිකර තිබෙනවා.

සිය රටේදී හෝ පිටරටක දී එක්දින තරඟයක ඉන්දිය පිළ අඩු ම ලකුණු ගණනකට දවාගැනීමේ වාර්තාව ඇත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

සිය රටේ පැවැති එක්දින තරගයකදී ඉන්දියාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා වන්නේ 1986 දී කාන්පූර්හි පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 78 කට දැවී යාමයි.

ඉන්දීය කණ්ඩායමක් එක්දින තරඟයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වන්නේ 2000 වසරේ දී දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සාජාහිදී පැවැති එක්දින තරගයකදී ලකුණු 54කට දැවී යාමයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධර්මශාලාහිදී පැවැති පළමු එක්දින තරඟයේ වීරයා වූයේ ද  සුරංග ලක්මාල්.

ඔහු සිය ඕවර 10 ම එක දිගට යවමින් ලකුණු 13 කට කඩුලු 04 ක් දවාගත්තා.

එහිදී ඉන්දීය පිලේ හත්වැනි කඩුල්ල දැවී යන විටත් ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 27 ක් පමණයි.

“ඉන්දීය පිල එක අවස්ථාවකදී ලකුණු 27 කට කඩුලු 07 ක් අහිමි කරගෙන තිබුණා. අපි හිතුවා ඔවුන්ව ලකුණු 40 කට විතර දවාගන්න පුළුවන් වෙයි කියලා.\"

සුරංග ලක්මාල් එසේ සඳහන් කළේ තරඟයෙන් අනතුරුවයි.

ඔහු තවදුරටත් මෙසේ පවසා තිබෙනවා.

\"එයා මීට ඉස්සරවෙලාත් ඒ වගේ දේවල් කරලා තියෙනවා, ඒත් අපේ අරමුණ වුණේ තරඟය ජයගැනීමයි. ඒ නිසා අපි ඒ දේවල් ගැන වැඩිය හිතන්න ගියේ නෑ”

ධර්මශාලාහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තෝරා ගැනීමෙන් පසු ඉන්දීය පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනාම ලකුණු 16 ක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට ගිය මොහොතේ ඉන්දියාවට ගෞරවනිය පරාජයක් අත්කර දුන්,  සුරංග ලක්මාල් කියන මේ ක්‍රීඩකයා කවුද ?

ඒ, වෙනකිසිවෙකුත් නොව හැමවිට ම පාහේ ශ්‍රී ලංකාවට හිසරදයක් වන සුපිරි ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි.

මහේන්ද්‍ර සිං දෝනි තමන්ට හරස් නොවුණා නම් ඉන්දීය කණ්ඩායම ලකුණු 40 කට අඩුවෙන් දවාගත හැකිව තිබූ බවයි  සුරංග ලක්මාල් කියා සිටින්නේ.

\"ඉන්දීය පිල එක අවස්ථාවකදී ලකුණු 27 කට කඩුලු 07ක් අහිමි කරගෙන තිබුණා. අපි හිතුවා ඔවුන්ව ලකුණු 40 කට විතර දවාගන්න පුළුවන් වෙයි කියලා  ඒත් දෝනි ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. අපිට එයාව වේලාසනින් දවාගන්න පුළුවන් වුණා නම් අපිට ඉන්දීය කණ්ඩායම ලකුණු 40 කට විතර දවාගන්න පුළුවන්කම තිබුණා”

“ඔහු ලෝකයේ සිටින විශිෂ්ටතම පිතිකරුවෙක්. එක්දින තරග 300 කට වැඩියෙන් ක්‍රීඩා කරලා තියෙන එයා මීට ඉස්සරවෙලාත් ඒ වගේ දේවල් කරලා තියෙනවා, ඒත් අපේ අරමුණ වුණේ තරගය ජයගැනීමයි. ඒ නිසා අපි ඒ දේවල් ගැන වැඩිය හිතන්න ගියේ නෑ”

සුරංග කියන පරිදි දෝනි මීට පෙර මෙවැනි දේ සිදුකර සිය කණ්ඩායම නින්දාවෙන් ගලවාගැනීම පමණක් නොව නොමැති ජයග්‍රහණයන් අත්කර දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ධර්මශාලා තරඟය හැරුන විට ඉතාම මෑත නිදසුන වන්නේ අගෝස්තුවේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඔහු දැක්වූ දස්කමයි.

එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටියා.

එහෙත් එක්තරා අවස්ථාවක ඉන්දීය පිලේ කඩුලු 07 ක් ලකුණු 131 කට බිඳ වැටී ඉතා අසරණ තත්වයකට ඇද වැටුනා.

එම අවස්ථාවේදී බුවනේෂ්වර් කුමාර් සමග එක්ව 08 වැනි කඩුල්ල සඳහා ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දෝනි ඉන්දීය පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා.

දෝනි ශ්‍රී ලංකා පිලට හිසරදයක් වන ආකාරය මේ වසරේදී උදාහරණ තුළින් ම පෙන්වා දිය හැකියි.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව මේ වසරේ ඉනිම 06 දී ලබාගත් ලකුණු පහත දැක්වෙනවා.

63, නොදැවී 45 යි, නොදැවී 67 යි, නොදැවී 49 යි, නොදැවී 01 යි, 65 යි.

ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්දින ඉනිම 06ක දී දෝනි ලබාගත් ලකුණු සංඛ්‍යාව 290ක්.

rnrnrnrnrnrn\r\n