ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින ගැටුම අද

Wednesday, 13 December 2017 - 7:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී  ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය අද මොහාලි හිදී ආරම්භ වනවා.

මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරඟය කඩුලු 07කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරඟය ශ්‍රී ලංකාව ජයගතහොත් තරඟාවලි ජය ශ්‍රී ලංකාවට හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී එක්දින තරඟාවලියක් මෙතෙක් ජයගෙන නොමැති අතර අද තරඟය ජයගතහොත් දෙරට අතර වසර 1982 සිට ආරම්භ වූ එක්දින තරඟ ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ඉන්දියාවේදී ලබන පළමු එක්දින තරඟාවලි ජය ලෙස ඉතිහාස ගත වනවා.

මීට පෙර දෙරට අතර 1997 වසරේදී පැවති තරඟාවලියකදී තරඟ එකට එක්ක ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

දෙවන එක්දින තරඟය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මොහාලි වෙත ලඟා වුනේ ධර්මශාලා හිදී පැවති අයහපත් කාලගුණ තත්වයන්ගේ බලපෑම්වලටද මුහුණ දෙමින්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩයමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද තරඟයේදී ලකුණු 21ක් රැස් කිරීමට සමත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ලකුණු 1000 සම්පුර්ණ කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා.

ජාත්‍යන්තර එක්දින තරන 30කට ක්‍රීඩා කර ඇති දික්වැල්ල මේ වන විට එක්දින ලකුණු 979ක් රැස් කරගෙන සිටි අතර එයට ශතක 02ක් සහ අර්ධ ශතක 05ක් ඇතුළත්.


\"\"