ඉවත් කළ කොදෙව් ප්‍රබලයන් 3දෙනා

Friday, 15 December 2017 - 16:49

%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20 යි 20තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ප්‍රබල ක්‍රීඩකයන් තුන්දෙනෙකු ඉවත්කර තිබෙනවා.

මාලන් සැමුවෙල් / සුනිල් නාරායින් සහ අල්සාරායි ජෝසප් ඔවුන් තිදෙනායි.

දකුණු අතේ ආබාධයක් හේතුවෙන් මාලන් සැමුවෙල් ඉවත්කර ඇති අතර අල්සරායි ජෝසප් ඉවත්කර ඇත්තේ ද ආබාධ තත්වයක් හේතුවෙන්.

සුනිල් නාරායින් පෞද්ගලික හේතුවක් මත 20 යි 20 තරගාවලියට සහභාගී වීමට නොහැකි බව ප්‍රකාශකර තිබෙනවා.

නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්වු සුනිල් අම්බ්‍රිස් වෙනුවෙන් ශිම්රොන් හෙට්මයර් එක්දින සංචිතයට නම්කකර ඇතැයි සඳහන්.

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින තරගය ලබන 20 වනදා ආරම්භ වනවා.

20 යි 20 තරගාවලිය ආරම්භ වන්නේ 29 වනදායි.