අනුමත වූ 20යි 20, 15 මෙන්න

Friday, 15 December 2017 - 18:16

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+20%E0%B6%BA%E0%B7%92+20%2C+15+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබෙනවා.

උපුල් තරංග / ඇන්ජෙලෝ මැතිව්ස් / කුසල් ජනිත් පෙරේරා / ධනුෂ්ක ගුණතිලක / නිරෝෂන් දික්වැල්ල / අසේල ගුණරත්න / සධීර සමරවික්‍රම / දසුන් ශානක / චතුරංග ද සිල්වා / සචිත් පතිරණ / අකිල ධනංජය / දුෂ්මන්ත චමීර / විශ්ව ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ කටක් හිදීයි.