%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+36+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 17 December 2017 - 14:45
අවසන් එක්දින් තරඟයේදී තරංග 36 වාර්තා කරයි
2,400

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

අද තරඟය පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් හිදීයි.

කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි උපුල් තරංග සිය 36 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

පන්දු 36 කදී තරංගවාර්තාකළ අර්ධ ශතකයට හතරේ පහර 10ක් ඇතුළත්.

තරංග 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවනවා.

තරංග සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 13ක් රැස් කළේ හතරේ පහර 02ක් සමඟින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE