ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමාවෙයි

Sunday, 17 December 2017 - 16:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+215%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් තුල සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 215ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 95ක් රැස් කළේ පන්දු 82ක් පමණක් වැය කරමින්.

සධිර සමරවික්‍රම ලකුණු 42කට දැවී ගියා.

මේ අතර උපුල් තරංග මෙම වසරේදී එක්දින තරඟ වලදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයි අතර තුන්වන ස්ථානයට පැමිණීමට අද සමත් වුණා.

තරංග මේ වන විට මෙම වසර තුලදී එක්දින තරංග 25කට ක්‍රීඩා කර ලකුණු 1011ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වීම විශේෂත්වයක්.

තරඟයයේ ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව විස්තර විචාරකයින් කියා සිටියේ පන්දුවට පහර දීමේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉන්දීය දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ අසීරු තත්වයකට පත්වූ බවයි.

ඒ අනුව කුල්දීප් යාදෙව් සහ යුශ්වේන්ද්‍රා චාහල් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

බුවනේශ්වර් කුමාර් සහ බුම්රා අත්රන කඩුලු 01 බැගින් බෙදී ගිය අතර හර්දික් පාන්ඩයා කඩුලු 02ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීමට ලකුණු 216ක් ලබා ගතයුතු වනවා.

rnrnrnrnrn\r\n