තීරණාත්මක ඉන්දු-ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟයේ ජය පැරදුම විසඳුනු හැටි

Sunday, 17 December 2017 - 19:55

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 08කින්.

කාසිය වාසිය දිනු ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් තුල සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 215ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 95ක් රැස් කළ අතර සධීර සමරවික්‍රම ලකුණු  42කට දැවී ගියා.

මේ අතර උපුල් තරංග මෙම වසරේදී එක්දින තරඟ වලදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයි අතර තුන්වන ස්ථානයට පැමිණීමට අද සමත් වුණා.

තරංග මේ වන විට මෙම වසර තුලදී එක්දින තරංග 25කට ක්‍රීඩා කර ලකුණු 1011ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කුල්දීප් යාදෙව් සහ යුශ්වේන්ද්‍රා චාහල් කඩුලු 03 බැගින් බිඳ දැමු අතර බුවනේශ්වර් කුමාර් සහ බුම්රා අතර එක් කඩුල්ල  බැගින් බෙදී යද්දී  හර්දික් පාන්ඩයා කඩුලු 02ක් දවා ගත්තා.

 ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 01කදී එම සීමාව පසුකර යාමට සමත් වූණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශියිර්ස් අයර් ලකුණු 65ක් රැස් කළ අතර ශිකර ධාවන් නොදැවී ශතකයක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයකරා රැගෙන ගියා.

ඒ අනුව තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 02ට එකක් ලෙස ඉන්දීය කාණ්ඩායම ජය ගත්තා.

\"\" \"\"