වාර්තාවක් සමඟ ලැබූ ජය

Monday, 18 December 2017 - 7:36

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%A2%E0%B6%BA
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විශාකාපට්නම් හිදී ඊයේ පැවති අවසන් එක්දින තරඟය කඩුලු 08කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ වාර්තාවක්ද සමඟින් වීම විශේෂත්වයක්.

ඒ එක්දින කණ්ඩායමක් අඛණ්ඩව වැඩිම එක්දින තරඟාවලි සංඛ්‍යාවක් ජයගත් ලොව දෙවන කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ සම තත්වයට පත්වෙමින්.

1980 - 1988 යන කාල සීමාව තුල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අඛන්ඩව තරඟ 14ක් ජය ගෙන මෙම වාර්තාවේ මුල්තැන හිමිකරගෙන සිටිනවා.

ඉන්දීය කණ්ඩායම 2016 වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා එක්දින තරඟාවලි 08ක් අඛණ්ඩව ජයගෙන තිබෙනවා.

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟාවලි 06කට සහභාගී වී ඇති අතර ඉන් තරඟාවලි 05ක් පරාජය වී තිබෙන අතර බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරඟාවලිය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

ඊයේ තරඟයේදී කාසිය වාසිය දිනු ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් තුල සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 215ක් රැස් කළා.

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 01කදී එම සීමාව පසුකර යාමට සමත් වූණා.

ඒ අනුව තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 02ට එකක් ලෙස ඉන්දීය කාණ්ඩායම ජය ගත්තා.

අවසන් තරඟයේ වීරයා සම්මානය කුල්දිප් යාදෙව් හිමිකර ගනිද්දී තරඟාවලියේ වීරයා සම්මානය ශිකර් ධාවන් හිමිකර ගැනීමට සමත් වුණා.

ඉන්දීය කණ්ඩායමේ වාර්තාගත ජයග්‍රහණය පහතින්...

rnrnrnrn\r\n