අවසන් තරගයෙන් පසු, ප්‍රේක්ෂක රැඟුම්

Monday, 18 December 2017 - 10:34

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9F%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඉන්දීය කණ්ඩායමට ජය හිමිකර දෙමින් ඊයේ අවසන් වූ ඉන්දු ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟය පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ සහ විස්තර විචාරකයින්ගේ වැඩි අවධානයක් යොමුවූ තරඟයක් බවට පත් වුණා.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග මෙම වසරේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පැමිණීම, ශිකර් ධාවන් අඩුම තරඟ සංඛ්‍යාවකින් එක්දින ලකුණු 4000 සීමාව පසුකර ගිය දෙවන ඉන්දීය පිත්කරුවා වීම වැනි කරුණු හේතුවෙන් ඊයේ තරඟය සුවිශේෂී තරඟයක් බවට පත් වුණා.

මේ අතර ඊයේ තරඟය අවසන් වූ පසු විශාකාපට්නම් ක්‍රීඩාංගනයේ පිටිය මැදට පැමිණි ක්‍රීඩා ලෝලීන් 80ක පමණ පිරිසක් පිළිබඳව ඉන්දීය මධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.

මෙම පිරිස ක්‍රීඩා පිටියේ තණ තිල්ල මතට පැමිණ හැසිරුණු ආකාරය පිළිබදවයි ඉන්දීය මාධ්‍යවල අවදානය යොමුව ඇත්තේ.

ඔවුන් තණ තිල්ල මතට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ නියලෙන ක්‍රීඩකයින්ගේ සුවිශේෂී හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කර ඇති අතර ඇතැමෙක් ක්‍රිකට් තරඟයක් ආරම්භ වීමට පෙර විස්තර විචාරකයින් තණ තිල්ලට පැමිණ තණ තිලි වාර්තාව ඉදිරිපත් කරන ආකාරය අනුකරණය කර තිබෙනවා.

මෙම පිරිස අතර සිටි ඇතැමුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල සිටින ක්‍රීඩකයන්ගේ ඔවුන්ටම ආවේනික වූ පිතිකරන රටාවන් අනුකරණය කිරීමට උත්සහ ගත් බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම ප්‍රේක්ෂකයින්ගේ එකිනෙකට වෙනස් වූ මෙම අනුකරයන් පිළිබඳව බලා සිටි පිරිස් විනෝදයට පත්වූ බව සඳහන්.

නිත්‍ය නායක විරාත් කෝලි නොමැතිව එක්දින තරඟාවලියට පිවිසි ඉන්දියානු කණ්ඩායම මෙම තරඟාවලිය ජය ගත්තේ තරඟ දෙකට එකක් ලෙසටයි.

\"\"

ඊයේ තරඟයේ ඉන්දීය ඉනිමේ විශේෂ අවස්ථා පහතින්....
rnrnrnrnrnrnrn\r\n
\r\nrnrnrnrnrnrnrn