පළමු නවාතැන ශ්‍රි ලංකාව

Thursday, 21 December 2017 - 21:51

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
2018 වසරේ රුසියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, කුසලානය ලොව වටා රැගෙන යන සංචාරයේ පළමු නවාතැන ලෙස ශ්‍රි ලංකාව තෝරාගෙන තිබෙනවා.

2018 වසරේ ජනවාරි 22 වන දින එංගලන්තයෙන් ඇරඹී රටවල් 54 කට ගෙන යනු ලබන එම කුසාලනය ජනවාරි 23 වන දින මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එදින පාපන්දු ලෝක කුසලානය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව ඊට පසු දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙනවා.

මේ පිළිබද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව අද පස්වරුවේ දැනුවත් කරනු ලැබුවා.