ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ ආරංචියක්

Thursday, 04 January 2018 - 16:59

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික මට්ටමේ සිටින සියලුම ක්‍රීඩකයන් සඳහා රාජ්‍ය ආයතනවල හෝ පෞද්ගලික ආයතනවල ස්ථිර රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව  අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා

ඔහු මේබව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විවිධ ආර්ථික අපහසුතා මැද  ක්‍රීඩාවේ නිරත වන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

ස්ථිර රැකියාවක් ලබාදීම තුලින් ඔවුන්ගේ අනාගතය ආරක්ෂා වන බව පැවසු අමාත්‍යවරයා ක්‍රීඩා පනත වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධන කිරීම කටයුතු කරන බවත් මෙහිදී සදහන් කළා.