%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+IPL+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 12 January 2018 - 12:40
ක්‍රීඩා ලෝලීන් බලා සිටි IPL තරඟාවලිය ඉන්දියාවට අහිමි වෙයි
128

Shares
15,447

Views
ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් ක්‍රීඩාගාරයට රැස්කළ ඉන්දීය සුපිරි IPL ක්‍රිකට් තරඟාවලිය නැවත වතාවක් ඉන්දියාවේ නොපැවැත්වීමට සිදුවන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අදාළ වාර්තාවට අනුව 2019 IPL තරඟාවලියයි මෙලෙස ඉන්දියාවේ නොපැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතින්නේ.

ඒ 2019 වසරේ ඉන්දීය මහමැතිවරණය එම වකවානුවේ පැවැත්වීමට වැඩි ඉඩක් තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇත්තේ එරට මැතිවරණ කොමසාරිවරයා විසින් නිශ්චිතවම මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව නිවේදනය කිරීමෙන් අනතුරුව බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ඇති බවටයි එහි දැක්වෙන්නේ.

මේ අනුව IPL ක්‍රිකට් ගැටුම පූර්ණ වශයෙන් වෙනත් රටක පැවැත්වීමට සිදුවුවහොත් එය බොහෝ දුරට පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ යි.

එහි කොටසක් පමණක් වෙනත් රටක පැවැත්වීමට තීරණය කළහොත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පැවැත්වෙනු ඇති.

මෙලෙස මැතිවරණය හේතුවෙන් 2009 වසරේ සහ 2014 වසරේ IPL තරඟය එරට වෙනත් රටක පැවැත්වීමට බලධාරීන් තීරණය කළා.

ඒ අනුව 2009 වසරේදී සම්පූර්ණ IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු අතර 2014 වසරේ IPL තරඟාවලියෙන් දින 15 ක පැවති තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුනා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE