%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+ICC+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Friday, 12 January 2018 - 13:02
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන ICC ය කියන අලුත්ම කතාව
37

Shares
4,525

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තරඟ පාවාදීම් ඇතුළු ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාව එයින් මුදා හැර ඇති බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නිලධාරියෙකු ක්‍රීඩා වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් අවධාරණය කළා.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක විමර්ශන සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන මූලස්ථානයේ සිට අදහස් දැක්වූ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ දූෂණ විමර්ශන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ආරම්භ කළේ පසුගිය වසරේ සැප්තැම්බරයේදී හිටපු ටෙස්ට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එල්ල කළ චෝදනාවලින් අනතුරුවයි.

පසුගිය වසරේ සිම්බාබ්වේ පිල අතින් ශ්‍රී ලංකාව එක්දින තරඟාවලි පරාජයක් ලැබීම පිටුපස ක්‍රිකට් දූෂණ පවතින බවට ඔහු චෝදනා කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොන්ත්‍රාත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේ අදාළ චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඉන් දිනකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ද ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE