%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
Friday, 12 January 2018 - 16:44
රබාඩා මුල් තැනට
20

Shares
2,413

Views
එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දෙවන ස්ථානය දක්වා එක ස්ථානයක් පසු පසට දමමින් ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණි ගතකිරීම් හි මුල් තැන හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කන්ගීසෝ රබාඩා සමත්ව සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 888ක් හිමිකරගනිමින්.

එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන ජේම්ස් ඇන්ඩර්සන් සහ තුන්වන තැන පසුවන ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා පිළිවෙලින් ප්‍රසාද ලකුණු 887ක් සහ 861ක් ලබාගෙන සිටිනවා.

රබාඩා මෙම ශ්‍රේණි ගතකිරීම් හි මුල් තැනට පැමිණීමත් සමඟ ඔහු වාර්තා පොත් අතරට එක්වන්නේ ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණි ගතකිරීමේ දර්ශකයේ මුල් තැනට පැමිණි ලාබාලතම ක්‍රීඩකයා ලෙසටයි.

මේ වන විට 22 හැවිරිදි වියේ පසුවන කන්ගීසෝ රබාඩා දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 24කට සහභාගී වී කඩුලු 110ක් බිඳ දමා තිබෙනවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුගියදා නිමා වූ පළමු ටෙස්ට් තරඟයේ ඉනිම දෙකේ දී රබාඩා ඉන්දීය කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE